Encourage Vocational Training

Not all students pass the A/L’s. It’s not because they are not smart, but possibly more interested and talented in other ways. If we can implement a system for them to attend to various vocational training institutions even after O/L’s, they will gain necessary knowledge and experience to massively contribute to the country’s economy.

I’m not saying that people need to be carpenters or painters, but be better-qualified, well-disciplined people who follow new technologies like foreign technicians who is a highly-paid workforce. We need to change the negative thinking of the new generation regarding these jobs (e.g., There are no proper places to learn carpentry. Students spend millions to become designers, without having basic knowledge).

Additionally, their English education must be encouraged because if they are fluent in English, their skills are more transferrable.

~ Pathum Kalubowila

 

Vote & Share!

295
2

Join the discussion 4 Comments

  • Malka adikaram says:

    Well said..

  • Pathum Kalubowila says:

    මෙය අනාගතයේ වෘතීය නිපුණත්වයක් ඇති තරුණ පරම්පරාවක් බිහිකිරීමට ගන්නා උත්සාහයකි.

    Three-Weel රථයක් පදවා රු.100,000 ඉපයීමට හැකි විය හැක. මෝටර් බයිසිකලයෙන් කෑම බෙදන්නෙකු වී වැගන් R එකක් මිලට ගැනීමට හැකි විය හැක. නමුත්, වැඩිපුර හයර් ලබා ගැනීමට,අමතරව කල හැකි දෙයක් නැත, හයර් නොලැබුනොත් එම ඉලක්කයට යාම අපහසු වනු ඇත.

    තමන් දක්ශතාවක්, හැකියාවක් දියුණු කරගතහොත්, වයස 21න් සුපිරි කාර් 7ක් වුවද මිලදී ගැනීමට පසුබිමක් නිර්මාණය කරගැනීමට හැකි වනු ඇත.

    තරුණ පරම්පරාව කම්මැලි වී ඇත. හෝ A/L සමත් වීම මතම පමණක් අනාගතය තීරණය වීමට සිදුවී ඇත.
    A/L දක්ශතාව නැති නමුත් වෙනත් හැකියාවන් වලින් පිරුණු තරුණ සමාජයක් අප අතර සිටී.

    ඔවුන් මේසන් බාස් කෙනෙකු හෝ වඩු බාස් කෙනෙකු විය යුතු නැත. නිසි මාර්ගෝපදේශයක්, නිසි වෘතීය අධ්‍යාපනයක් ලැබෙනවා නම්,
    සාම්ප්‍රධායෙන් ඔබ්බට ගොස්, නව නිර්මාණ බිහිකිරීමට හැකිවනු ඇත.
    Fiver වැනි වෙබ් අවකාශයන් තුල තම හැකියාව අලවි කිරීමට හැකි වනු ඇත.

    ඔවුන් වෘතීය අධ්‍යාපනයට යොමු වන්නේ, O/L වලින් පසු, බොහෝ මුදලක් වියදම් කර, A/L අසමත් වූ පසුවය.
    පාසල් A/L විශය ධාරාව පුළුල් කිරීම ප්‍රායෝගික නැත. එම නිසා තම හැකියාවන් මත පදනම් වූ විශයක් හැදෑරීමේ අවස්ථාව පාසල තුලින් ලබා ගත නොහැක.

    වෘතීය අධ්‍යාපන මධ්‍යස්ථාන වඩාත් දියුණු කල යුතුය. ඒ පිලිබඳව ධනවත් ආකල්ප තරුණ පරම්පරාව තුල ඇති කල යුතුය. කහ කමිසය හා කලු කලිසම් සංස්කෘතියෙන් ඔබ්බට එය වර්ධනය කල යුතුය.
    ට්යුශන් වලට වියදම් කරණ මුදලින් පාඨමාලා ගාස්තුවක් ගෙවීමට කිසි කෙනෙකු නොපැකිලෙනු ඇත.දරාගැනීමට නොහැකි වන මිල නිසා, පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබෙන දරුවන්ට එය මහත් රුකුලක් වනු ඇත.

    ඉංග්‍රීසි අධ්‍යාපනයට වැඩි මූලිකත්වයක් මීටත් වඩා, ලබා දිය යුතුය. එමගින් තම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉතා වැඩි ස්ම්භාවිතාවක් ඇත.

  • Asanka Samaranayake says:

    ඔබතුමාගේ මෙම වැඩපිළිවෙළ ඇත්තටම සාර්ථක එකක්. ඔබතුමා දක්ශයෙක්. ඒක අවිවාදයෙන් පිළිගන්නවා. දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ශකයින්ගෙන් ඔබතුමා ඉදිරියෙන්ම ඉන්නව. නමුත් කනගටුවට කරුන නම් ඔබතුමා ජයග්‍රහණය කලත් ලග ඉන්න අධම දේශපාලකයන් ඔබතුමට ඒ ඉලක්කයට යන්න නොදීමයි. ඔබතුමා වටා ඉන්න වීරවංශ / අඹේගුනවර්දන ඇතුළු අනෙකුත් නඩය ඔබ තුමාව පාරාජය කරවනවා. ඒ සදහා ඉක්මන් ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඔබතුමාගේ පරාජය වැලක්විය නොහැකි කියා මන් තරයේම විස්වාස කරනවා. ඒ ගැන ඇත්තටම ලොකු කනගාටුවක් හිතේ තියෙන්නේ. ඉස්සර හිටපු මිනිස්සු තමයි කටවල්වල සද්දෙට චන්දන දුන්නේ . දැන් ඉන්න තරුණ පරම්පරාව ගොඩක් බුද්ධිමත්. අර අධම දේශපාලකයන් කියන කතා , කරන වැඩ වලින් ඔබතුමා ගැන ඇති විශ්වාසයත් නැතිවෙලා යනවා. මමත් ඔබතුමාට චන්දය දෙන්න බලාපොරොත්තු උනත් ඒ අදහස වෙනස් කරලා මහේශ් සේනානායකට මගේ මනාපය දෙනවා. මගේ බොහෝමයක් යාළුවෝත් ඒ අදහසේ ඉන්නේ. එය එසේ උනත් හිත යට බලාපොරොත්තුවක් තියෙනවා ඔබතුමා දින්නොත් හොදයි කියලා. අපේ හිත් වෙනස්කලා අර අධම තක්කඩි රැල.

  • hashaන් says:

    පුංචි සත්‍ය කතාවක් කියන්නම් මම ඉස්කෝලේ දුටු චරිත දෙකක්. මම ඉස්කෝලේ O/L පංතියේ ඉන්න කාලේ (10,11) පංතියේ අපේ පංතියේ හිටියා යාලුවො දෙන්නෙක් එක්කෙනෙක් ධනුශ්ක ( D )අනික් කෙනා ගිහාන් (G)නම් ගම් මනකල්පිතයි. D පංතියේ හැමදාම පලවෙනිය. G පංතියේ හැමදාම අන්තීමයා. D ඉස්කෝලේම හිටපු දක්ශම ලමයා. G ඒකෙ අනික් පැත්ත. දෙන්නම හොදම යාලුවො එක ලග ගෙවල්. D උදව් කලා G O/L ගොඩදාන්න නමුත් D උඩින්ම පාස් G ෆේල්. නමුත් D free period එකෙ නිතරම car ගැන ඒකේ තියෙන engines ඒකේ තියෙන horse power cylinder capacity models ඒවා ගැන නිතරම කියවනව ඒකාලේ නිකං අන්ඩර දෙමල වගේ. ඉස්කෝලෙන් out උනාට පස්සේ සෑහෙන්න තැලිල පොඩිවෙල වැටිල නැගිටල අද G malaysia වල porche car Company එකේ mechanical side එකෙ වැඩ අතී සාර්තක පවුල් ජීවිතයක් එක්ක අද ආදර්ණීය බිරිද එක්ක ලස්සන දුවෙක් ඉන්නව අවුරුදු 5ක් වෙන්න ඇති. D ත් ඒ වගේම ලංකාවේ ප්‍රදාන පෙලේ ආයතනයක විදායක ශ්‍රේණියේ කලමනාකාරවරයකු ලෙස කටයුතු කරන්ව.
    O/L සහ A/L fail කියලා ජීවිතේ පරදින්නේ නෑ. නමුත් fail නොවී pass වෙන්න බලන්න.
    O/L A/L කරන සහ කරපු නංගිලා මල්ලීලාට මේක හොද ආදර්ශයක්
    හශාන්

Leave a Reply